ලෙඩ නම් ඉඩ නෑ



කුවේටයේ ජීවත් වන විදේශ ශ්‍රමිකයින්ගේ වෛද්‍ය වියදම් අඩුකිරීමේ අරමුණින් දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිලිකා ඇතුලු කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇති බෝ නොවන රෝග විසි දෙකක් ඇති විදේශ ශ්‍රමිකයින්ට නේවාසික බලපත්‍ර සහ ස්ථිර පදිංචිය ලබා නොදීමට කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

2001 වර්ෂයේදී ගල්ෆ් සමුළුවේදි ගනු ලැබූ තීරණයකට අනුව කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව සෞඛ්‍ය කටයුතු පිළිබඳ සහකාර උප ලේකම්, මජීඩා අල්-කටන් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS