ලිබියාවේදී තිදෙනෙකු පැහැර ගනී



පිලිපීන ජාතිකයින් තිදෙනෙකු හා කොරියානු ජාතිකයෙකු ලිබියාවේදී පැහැරගැනීමට ලක්ව තිබේ.

හඳුනා නොගත් ආයුධ සන්නද්ධ කන්ඩායමක් විසින් ඔවුන් පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන්  කළේය.

පැහැරගැනීමට ලක්වූ සිව් දෙනා ජල කාර්මිකයින් ලෙස සේවයේ යෙදී සිට ඇති අතර ඔවුන් පිළිබඳ මෙතෙක් තොරතුරක් නොමැති බව සඳහන්ය.

මීට පෙරද ලිබියානු කැරලිකරුවන් පිරිසක් විසින් එරට සේවයේ යෙදී සිටි ලිබියානු සේවකයින් කිහිප දෙනෙකු පැහැරගෙන ගොස් තිබූ අතර පසුව ඔවුන් නිදහස් කොට තිබිණි.
 

( තිළිණි ද සිල්වා )

අල්ජසීරා.


RECOMMEND POSTS