ලිබියාවේ තානාපති කාර්යාලයක් නෑ



කුවේට් රාජ්‍යය, ලිබියානු රජ්‍යය තුල කුවේට් තානාපති කාර්යාලයක් විවෘත කිරීමට යන බවට පළවන වාර්තාවන් කිසිදු සත්‍යතාවයක් නොමැති බව කුවේට් නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය, කලීඩ් අල්-ජරල්ලා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් ඇති කරගැනීම සඳහා ඇති පසුබිම පරීක්ෂා කිරීම සඳහා ලිබියානු රාජ්‍ය සඳහා පත්කර සිටින කුවේට් තානාපති, මුබාරක් අල්-අද්වානි ලිබියාවට ගිය බව නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කුවේට් තානාපතිවරයාදින කීපයකට පෙර ත්‍රිපොලි නගරයේදි ලිබියානු අග්‍රාමාත්‍ය, ෆයෙස් අල්-සරා හමුවී රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර තතානාපති කාර්යාලයක් විවෘත කිරීමේ දිනයක් සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව කලීඩ් අල්-ජරල්ලා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS