ලිබියාවට හමුදා යවන්න අනුමැතිය



ලිබියානු අර්බුදයට මැදිහත් වෙමින්, එරටට හමුදාව යැවීමට ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆාටා අල් සීසී ගත් තීරණයට ඊජිප්තු පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී ඇතැයි පැවැසෙයි.

ඊජිප්තුව ලිබියාවට හමුදා යවන්නේ, තුර්කියට සහාය පළ කිරීමක් වශයෙනි. තුර්කිය ලිබියානු අර්බුදයට මැදිහත් වී සිටින්නේ, ජාත්‍යන්තරය මැදිහත් වී, ලිබියාවේ පිහිටුවූ රජයටත්, රජයේ හමුදාවටත් සහාය දක්වමිණි.

ලිබියාවේ අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ ලිබියා රජයට එරෙහිව, ජනරාල් කලීෆා හෆ්තාර් කැරැලි ගැසීමය. හෆ්තාර් ලිබියානු රජය පෙරළා දැමීමට අරගල කරයි. ඒ, ඔහුට පක්ෂ සන්නද්ධ පිරිස් එක්රොක් කර ගනිමිනි. ලිබියානු අර්බුදයට රුසියාව ද සම්බන්ධ වී සිටින අතර, රුසියාවේ සහාය හිමිවන්නේ ජනරාල් හෆ්තාර්ටය.

කයිරෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS