ලිබියාවට අන්තර්වාර රජයක්



ලිබියාවේ, නව අන්තර්වාර අග්‍රාමාත්‍ය අබ්දුල් හමීඩ් ඩෙබෙයිබා ප්‍රමුඛ රජය දිවුරුම් දුන්නේය.

සිවිල් යුද ගැටුම්වලින් විනාශ වී, බල අරගල හේතුවෙන් දේශපාලනික වශයෙන් අස්ථාවර වූ ලිබියාව යළි ස්ථාවර තැනකට ගෙන ඒමේ අරමුණින්, මෙම වසර අවසානයේ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතය.

මැතිවරණය පැවැත්වෙන තුරු අග්‍රාමාත්‍ය අබ්දුල් හමීඩ් ඩෙබෙයිබා සහ ඔහුගේ අන්තර්වාර රජය පාලන කටයුතු මෙහෙයවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

අබ්දුල් හමීඩ් ඩෙබෙයිබාගේ දිවුරුම්දීම සිදුවූයේ ලිබියානු ත්‍රිපුද්ගල ජනාධිපති මණ්ඩලය අභියසදීය. දිවුරුම්දීම සිදුවූයේ ටොබ්රුක් දූපතේය. නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් ද එම අවස්ථාවට ඒක් වී සිටියේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS