ලිබියා හමුදා නිලධාරියකු මරා දැමේ



යුද අපරාධ චෝදනා එල්ල වූ, ලිබියා හමුදා නායකයකු වන මහමුද් අල්-වර්ෆාලි ඝාතනය කර තිබේ.

අල්-වර්ෆාලි ට කිසියම් පිරිසක් වෙඩි තබා ඇත්තේ ලිබියාවේ නැගෙනහිර දෙසින් පිහිටි බෙන්ගාසි නගරයේදීය.

බටහිර අනුග්‍රහෙයන් පිහිටුවා ඇති ලිබියානු රජයට එරෙහිව කැරැලි ගැසූ ලිබියා හමුදා ජනරාල් කලීෆා හෆ්තාර්ට පක්ෂපාතී හමුදා ප්‍රධානියකු ලෙස ද මොහු සැලකෙයි.

අල්-වර්ෆාලි සිය රථ පෙළෙන් ගමන් කරමින් සිටිද්දී එම රථ පෙළ වටලා වෙඩි තැබීම සිදුවිය. අල්-වර්ෆාලිගේ ඥාති සහෝදරයකු මෙන්ම හමුදා නිලධාරියකු ද වන අයිමාන් ද වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් බරපතල තුවාල ලැබූ බව පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS