ලිබියා හමුදා නායකයාට ඇමෙරිකාවේ රුසියාවේ සහාය



ලිබියා රජය පෙරළා දැමීමට සටන් ආරම්භ කළ හමුදා නායක ජනරාල් කලීෆා හෆ්තාර්ට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පමණක් නොව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ද සහාය හිමිවන බව පැවැසෙයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පසුගිය දා ප‍්‍රසිද්ධියේ කියා සිටියේ ජනරාල් කලීෆා හෆ්තාර් යටතේ පිහිටුවන රජයකට සහාය දක්වන්න තමන් සූදානමින් සිටින බවය. ජනාධිපති ට‍්‍රම්ප්ගේ මෙම ප‍්‍රකාශය මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය.

ලිබියාවේ ගැටුම් අවසන් කිරීමට, මහා බි‍්‍රතාන්‍යය එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, ඇමෙරිකාව සහ රුසියාව එක් වී ඊට විරෝධය පළ කර ඇතැයි ද පැවැසෙයි.

කර්නල් මුවම්මාර් ගඩාෆි ඝාතනයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මැදිහත් වී ලිබියාවේ ජාතික රජයක් පිහිටුවීය. කෙසේ නමුත් 2011 වසරේ ගඩාෆි ඝාතනයෙන් පසු ලිබියාව මුළුමනින්ම අස්ථාවර විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී ලිබියාවේ නව රජයක් පිහිටුවූ අතර, හමුදාපති ධුරයය සඳහා පත් කළේ  ජනරාල් කලීෆා හෆ්තාර්ය. ඒ, 2015 දීය. අදවනවිට කලීෆා හෆ්තාර් උත්සාහ ගන්නේ ලිබියා ජාතික රජය පෙරළා දමා නව රජයක් පිහිටුවීමටය.

මැදපෙරදිග රටවල් ද කලීෆා හෆ්තාර්ට සහාය දක්වයි. සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඒ අතරින් කැපී පෙනෙයි. ලිබියා රජයට එරෙහිව කැරැල්ල ආරම්භ කිරීමට පෙර හෆ්තාර් සෞදියට ගොස් සල්මාන් රජු හමුවී සාකච්ඡුා පවත්වා ඇත. එහිදී සල්මාන් රජු හෆ්තාර්ට මූල්‍ය ආධාර දීමට සෞදි රජු පියවර ගත් බව ද අනාවරණය වී තිබේ.

ටි‍්‍රපොලිහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS