ලිබියා හමුදා ජනරාල්ට සෞදිය මුදල් දීලා



එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් පිහිටුවනු ලැබූ ලිබියානු රජයට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් ආරම්භ කළ හමුදා ජනරාල් කලීෆා හෆ්තාර්ට, එම හමුදා කුමන්ත්‍රණය ඇරැඹීමට පෙර සෞදියෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන ගණනක මුදලක් ලැබී ඇති බව වාර්තා වේ.

මේ බව අනාවරණය කර ඇත්තේ ඇමෙරිකාවේ වෝල් ස්ටී්‍රට් ජර්නල් පුවත්පතය. ජනරාල් හෆ්තාර් ලිබියානු රජයට එරෙහිව හමුදාව මෙහෙයවමින් කුමන්ත්‍රණය ආරම්භ කළේ පසුගිය අප්‍රේල් 4 වැනිදාය.

වෝල් ස්ටී්‍රට් ජර්නල් පෙන්වා දෙන අන්දමට ඔහු ඊට පෙර සෞදියේ රියාද් නුවරදී සෞදි සල්මාන් රජු හමුවී ඇත. සෞදි රජුගෙන් මුදල් ලැබී ඇත්තේ හමුදා කුමන්ත්‍රණයට බව ද වෝල් ස්ටී්‍රට් ජර්නල් පුවත්පත පෙන්වා දෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS