ලක්ෂ හතක් අවතැන් වෙලා



සිරියාවේ යුධ ගැටුම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් ලක්ෂ හතකට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වී ඇති බව වාර්තා වේ.

රුසියාවේ සහය ඇතිව සිරියානු හමුදාව දෙසැම්බර් මාසයේ මුල සිට වයඹ දිග සිරියාවේ සැඟවී සිටින ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරන බවත්, ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

තුර්කි දේශ සීමාව ආසන්නයේ දරුණු යුධ ගැටුම් පවතින අතර පසුගිය වසරේදී කැරලිකරුවන්ට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරවලින් 400,000 කට අධික පිරිසක් මේ වන විටත් අනාථ කඳවුරුවල සිටින බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණය කාර්යාලයේ ප්‍රකාශකයෙකු වන ඩේවිඩ් ස්වන්සන් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අම්මාන් නුවර)

RECOMMEND POSTS