ලක්ෂ දෙකක් ආපසු මොසූල් නගරයට



ඉරාකයේ දෙවැනි විශාලතම නගරය වන මොසූල් ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට ඉරාක හමුදා සමත් වීමෙන් පසු, ගැටුම් හමුවේ පලා ගොස් සිටි නගර වැසියන්ගෙන් 2,53,000 ක පිරිසක් යළි නගරයට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඉරාකයේ අවතැන් වූවන් සහ සංක්‍රමණිකයන් සම්බන්ධ අමත්‍යාංශය කියා සිටියේ එසේ පැමිණ ඇත්තේ මොසූල් නුවර මුල් පදිංචිකරුවන් බවය. අයි.එස්. ත්‍රස්තවාදීන් මොසූල් අත්පත් කරගත් අවස්ථාවේදී මොවුහු නගරය අතහැර පලා ගියහ.

යළි පැමිණි වැසියන්ට අවශ්‍ය සියලු පහසුකම් පමණක් නොව, ආරක්ෂාව ද ලබා දීමට කටයුතු කළ බව ද ඉරාක රජය වැඩි දුරටත් කියා සිටී. මේ වනවිට මොසූල් දරුදැරියන් යළි ඔවුන්ගේ පාසල් ගමන ආරම්භ කර ඇති බව ද පැවැසෙයි.

කෙසේ නමුත් අවි ගැටුම් හේතුවෙන් නගරයේ නිවාස සහ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇත. ආපහු පැමිණ සිටින බොහෝ දෙනකුට ඔවුන්ගේ නිවෙස් අහිමි වී ඇතැයි ඉරාක රජය වැඩිදුරටත් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS