ලක්ෂ 12 මේ වසරේ සෞදියෙන් පිටවෙයි



සෞදි අරාබියේ රැකියාවල නියුතු විදෙස් ශ්‍රමිකයින්ගෙන් මේ වසරේ (2020) ලක්ෂ 12 පමණ ප්‍රමාණයක් පිටවෙනු ඇති බව JADWA ආයෝජන සමාගමේ ගණනය කිරීම් අනුව සදහන් වන බව සෞදි මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් ගත් ශ්‍රමිකයින් රටෙන් පිටවීම සදහා බොහෝ විට බලපෑ ඇති අංශ ලෙස හදුනාගෙන ඇත්තේ රෝහල්,ආහාර සේවා,පරිපාලන,සහ ආධාරක ක්‍රියාකාරකම් සහ සේවා වන අතර කුලී සහ බදු ආයතන,ගුවන් ගමන් හෝ ගමන් නියෝජිත ආයතන,ගොඩනැගිලි සේවා,යන අංශ තුල බොහෝවිට විදේශිකයින් හට  විශාල ලෙස රැකියාවන් නොමැති වීම මෙම පිටව යාමට හේතුවී ඇති සදහන්.

මේ අනුව 2020 අවසන් වනවිට සියයට 12 පමණ ප්‍රතිශතයකින් සෞදි පුරවැසියන් හට රැකියා අවස්ථා ලැබෙන බවද පවසයි දැනටමත් ක්‍රියාත්මක වන සෞදි පුරවැසියන් රැකියා සදහා අනුයුක්ත කිරීමේ රජයේ සැලැස්ම අනුව ඉහත රැකියාවන් සදහා විදේශිකයින් ඉවත් කිරීම පිණිස නීති සම්පාදනය කර ඇත.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබිය.

 


RECOMMEND POSTS