රෝල්ස් රොයිස් දෙනවාදැයි දන්නේ නෑ



පා පන්දු ලෝක කුසලාන තරගයේ දී ආජන්ටිනා කණ්ඩායමට එරෙහිව සුපිරි ජයක් වාර්තා කිරීමට සෞදි කණ්ඩායම සමත් විය.

සෞදි කණ්ඩායම ලැබූ එම ජයග්‍රහණය ගැන අතිශය සතුටට පත් වූ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සෞදි කණ්ඩායමේ සෑම ක්‍රීඩකටකුටම වටිනා රෝල්ස් රොයිස් මෝටර් රථය බැගින් තෑගි කරනවා යැයි රාවයක් පැතිර යයි. ඒ සමාජ මාධ්‍ය ඔස්සේය.

නිව්යෝක් පෝස්ට් පුවත්පත, මේ සම්බන්ධයෙන් සෞදි කණ්ඩායමේ පුහුණුකරු හාර්වි රෙනාඩ්ගෙන් විමසීමක් කළ අවස්ථාවේ රෙනාඩ් පවසා ඇත්තේ එවැනි දෙයක් ගැන තමන් කිසිවක් නොදන්නා බවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS