රොව්හානී දිවුරුම් දෙයි



මීට මාස කීපයකට පෙර ඉරාන ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගත් හසන් රොව්හානී ඊයේ (3) සිය දෙවැනි ධුර කාලය වෙනුවෙන් දිවුරුම් දුන්නේය.

ඒ, ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා සයිද් අලි කොමේනී ඉදිරියේය.

ඒ අනුව, නිල වශයෙන් රොව්හානිගේ දෙවැනි ජනපති ධුර කාලය ආරම්භ විය. ඉරාන විප්ලවයෙන් පසු, එරට ජනාධිපතිට ඉහළින් සිටින්නේ ආධ්‍යාතමික නායකයාය.

ඉරානයේ ජනපති ධුරයට පත් වන්නේ ද ආධ්‍යාත්මික නායකයාගේ අනුමැතිය හිමිවන අයට පමණි.

දෙවැනි ධුර කාලයට රොව්හානි පත් වූයේ පැවැති ජනාධිපතිවරණයෙන් සියයට 57 ක ප්‍රතිශතයක් දිනා ගැනීමෙන් පසුවය. රොව්හානිගේ දිවුරුම් දීමේ අවස්ථාව තෙහෙරාන් අගනුවර පැවැත්විණි.

(රොයිටර්)

 


RECOMMEND POSTS