රොබෝවරු පස් දෙනෙක් සේවයට



ඩුබායි විදුලිබල හා ජල අධිකාරියට අයත් පරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවය කිරීම සඳහා රොබෝවරුන් පස්දෙනෙකු යොදාගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් අධිකාරිය සඳහන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙඩ් අඩවිය වාර්තා කළේය.

පරිභෝගිකයින්ට වඩා කාර්යක්ෂම හා උසස් තත්ත්වයේ සේවාවක් මෙන්ම ආකර්ෂණීය අත්දැකීමක් ලබාදීමේ අරමුණින් රොබෝවරුන් තම අධිකාරියේ සේවයට යොදා ගැනීමට තීරණය කළ බව විදුලිබල හා ජල අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS