රෙදි දැම්මොත් වැඩ වරදි



බැල්කනිවල රෙදි වේළන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටකුවේට් මහනගර සභාව කටයුතු කරන බව වාර්තා වේ.

පනවා ඇති නීතිය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව “190/2008 දරණ මහජන පවිත්‍රතා සහ කසල කළමණාකරන’’ නියෝගයට අනුව ක්‍රියාකරන බවත් කුවේට් ඩිනාර් 100 සිට 300ක් දක්වා වු දඩ මුදලක් අයකරන බව කුවේට් මහනගර සභාව ප්‍රකාශ කළේය.

කර්මාන්ත ශාලාවල රැකියාවල නිරතව සිටින පුද්ගලයින් නවාතැන් ගෙන සිටින නිවාස ආශ්‍රීතව මෙම තත්ත්වය බහුලව දැකගත හැකි බවත් වැරදි කරන පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කරගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් මේවනවිටත් පත් කර ඇති බව කුවේට් මහනගර සභාව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS