රූපවාහිනියේ ලිංගික දර්ශන



ඉරාන රාජ්‍ය රූපවාහිනිය සංස්කරණය නොකළ ලිංගික දර්ශන විකාශනය කිරීම හේතුවෙන් රූපවාහිනි ප්‍රධානියාව සේවයෙන් නෙරපා දමා ඇති බව වාර්තා වේ.

සටන් නළු ජැකී චෑන්ගේ චිත්‍රපටයක් සංස්කරණය කිරීමකින් තොරව ලිංගික දර්ශනඉරාන රාජ්‍ය රූපවාහිනි නාලිකාව තුල විකාශනය කිරීම හේතුවෙන් ඉරානය තුල අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

කාන්තාවන් සහ පිරිමින් ස්පර්ශ වන,කාන්තාවන්ට විහිළු කරන සහ සිපගැන්නා දර්ශන විකාශනය කිරීමඉරානය තුලසපුරා තහනම් වන අතර පනවා ඇති රූපවාහිනි ආචාර ධර්මවලට පටහැනි බව ඉරාන මාධ්‍ය පෙන්වා දෙයි.

සියළුම රූපවාහිනි සේවකයන් සේවයෙන් නෙරපා දැමිය යුතු බවට විරෝධතාවයක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(බි.බි.සි)


RECOMMEND POSTS