රූ රැජින කිරුළ මොරොක්කෝවට



ඊජිප්තුවේ ගීසා නගරයේ පැවැති2017 අරාබි ලෝක රූ රැජිනතරඟය ජයග්‍රහණය කිරීමට මොරොක්කෝ ජාතික කාන්තාවක් වන ෂෙරීන් සමත් වී ඇති බවමැදපෙරදිග මාධ්‍ය වාර්තා කළේය.

ඇල්ජීරියාවේ රානියා බින් අෂූෂ් සහ බරරේන් රාජ්‍යයේ ෆවුස්වා අබ්දුල් රිඩාපිළිවෙලින් පළමු සහ දෙවන අනුශූරයන් ලෙස නම් කර ඇත.

එමිරේට්ස් රාජ්‍යයේ ෆාතිම් අල්-ශම්සි තෙවන ස්ථානයත් සුඩාන ජාතික ගෝෆ්රන් ඉස්මයිල් හතර වන ස්ථානයත් දිනාගැනීමට සමත් වී ඇත.

විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වු විවේචනයන් හේතුවෙන් සෞදි අරාබියෙන් ඉදිරිපත් වු මලක් යූෂුෆ් 2018අරාබි ලෝක රූ රැජිනතරඟය තරඟයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව සමාජ ජාල වෙබ් අඩවියක ඇය පළ කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS