රුසියාවේ සැලැස්මට විරෝධයක්



සිරියානු දේශපාලන අර්බුදයට විසඳුමක් ලෙස, සිරියානු රජයට පක්ෂව කටයුතු කරන රුසියාව හඳුන්වා දුන් ‘දේශපාලන සැලැස්ම’ සිරියානු රජයට විරෝධය දක්වන විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

සිරියාවේ සාමය වෙනුවෙන් සහ එරට දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම වෙනුවෙන් ‘සිරියානු සාම සමුළුව’ කසක්ස්ථානයේ ඇස්තානා අගනුවරදී පැවැත්වෙයි. රුසියානු නියෝජිතයන් මෙම නව දේශපාලන සැලැස්ම ඉදිරිපත් කර ඇත්තේ එම සමුළුවේදීය. සමුළුව හැඳින්වෙන්නේ ‘අස්තානා සාම සමුළුව’ යනුවෙනි.

සමුළුවට සිරියානු රජයේ නියෝජිතයන් පමණක් නොව, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල නියෝජිතයෝ ද සහභාගී වෙති. රුසියාව, ඉරානය සහ තුර්කිය සමුළුව මෙහෙයවයි.

ඉරානය සහ රුසියාව සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය සමඟ එක් වී සිටින අතර, තුර්කිය විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරයි.

(ප්‍රෙස් ටීවී)

 

 


RECOMMEND POSTS