රුසියාවෙන් සිරියාවට මිසයිල



රුසියාවෙන් සිරියානු රජයේ හමුදා වෙත එස් 300 වර්ගයේ අති නවීන මිසයිල පද්ධති ලබා දී ඇතැයි වාර්තා වේ.

එම මිසයිල පද්ධති ඉදිරි සති දෙකක කාලයේ සිරියාවට ලැබෙනු ඇතැයි රුසියාව වැඩි දුරටත් පවසා ඇත.
එස් 300 යනු ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියකි. සතුරු ගුවන් ප්‍රහාර විනාශ කිරීමට මෙම මිසයිල පද්ධතියට හැකියාව ඇත.

රුසියාව මෙම තීරණය ගත්තේ සිරියානු අර්බුදයට මැදිහත් වී සිටින ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින්, රුසියානු ගුවන් හමුදාවට අයත් හමුදා ගුවන් යානයක් විනාශ වීමේ සිදුවීම මුල්කොට ගනිමිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS