රුසියාවෙන් සිරියාවට මිසයිල පද්ධතියක්



සිරියාවේ ස්වෛරීත්වය වෙනුවෙන් සතුරු මිසයිල ප්‍රහාරයකින් ආරක්ෂාවීමට සිරියානු රජයට මිසයිල ආරක්ෂක පද්ධතියක් ලබා දීමට තමන් සූදානමින් සිටින බව රුසියාව පවසා ඇත.

පසුගිය දා සිරියානු සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් විස වායු ප්‍රහාරයක් එල්ල කළේ යැයි චෝදනා කරමින්, සිරියානු රජයේ හමුදාවට අයත් ගුවන් කඳවුරකට ඇමෙරිකන් නාවික හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය.

එම ප්‍රහාරය රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් විය. එම විස වායු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි ස්වාධීන පරීක්ෂණයක් නොකොට සිරියානු ගුවන් කඳවුරට පහර දීම වැරැදි යැයි රුසියන් ජනාධිපති පුටින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට විරෝධය පළ කර  තිබුණි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS