රුසියාවෙන් මිසයිල ගත්තේ පාවිච්චි කරන්න



තමන් රුසියාවෙන් එස් 400 මිසයිල පද්ධති මිලදී ගත්තේ ඒවා පැත්තකට කර තබා ගැනීමට නොව, සතුරන්ට එරෙහිව භාවිත කිරීමට යැයි තුර්කිය කියයි.

තුර්කිය එස් 400 මිසයිල රුසියාවෙන් මිලදී ගැනීම, ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතුවක් විය. තුර්කි ජනාධිපති එර්දොවාන් පසුගිය දා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සංචාරය කළේය.

එම සංචාරයේ දී තුර්කි ජනාධිපතිවරයා සහ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් අතරේ පළුදු වුණු සබඳතා ශක්තිමත් විය. එස් 400 මිසයිල පද්ධති රුසියාවෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා පැවැත්විණි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS