රුසියාවෙන් ඇමෙරිකාවට දොස්



ඇමෙරිකන් හමුදාව සිරියානු රජයේ ප්‍රහාරක යානයක් පහරදී බිම හෙළීමේ සිද්ධිය තරයේ හෙළා දැකීමට රුසියාව කටයුතු කර ඇතැයි වාර්තා වේ.

සිරියාවේ සටන් බිමට ඇමෙරිකාව ද සම්බන්ධ වී සිටී. ඇමෙරිකා හමුදාව සිරියානු රජයට අයත් මෙම ප්‍රහාරක යානය වෙඩි තබා බිම හෙළා ඇත්තේ රක්කා පළාතේ යැයි ද වාර්තා වේ.

ඇමෙරිකාවේ මෙම ක්‍රියාව විවේචනය කරමින් රුසියන් රජය වෙනුවෙන් එරට නියෝජ්‍ය විදෙස් ඇමැති සර්ගේ රයබ්කෝව් පවසා ඇත්තේ සිරියාවේ ස්වෛරීත්වයට ඇමෙරිකාව ගරු කළ යුතු බවය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS