රුසියාවට ඍජු ගුවන් ගමන්



රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සමගාමීව ජෙඩා නුවර සිට රුසියාවේ මොස්කව් නුවර දක්වා ඍජු ගුවන් ගමන් ජුනි 12 දින සිට ආරම්භ කරන බව සෞදි ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ගුවන්ගමන් ආරම්භ කිරීමට සමගාමීව ප්‍රවර්ධන වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ප්‍රවර්ධන කාලසීමාව තුල විශේෂ අඩු මිල ගණන් යටතේ සේවාවන් ගුවන් මඟින්ට ලබාදීමට කටයුතු කරන බව ගුවන් සමාගම ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS