රුසියාව හෙළා දකී



සිරියාවේ ඩමැස්කස් නුවර හමුදා ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදා එවූ මිසයිල ප්‍රහාර රුසියාව විසින් හෙළා දකිනු ලැබ ඇත.

සිරියානු අර්බුදයේ දී රුසියාව සහාය දක්වන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයටය. ඊශ්‍රායලයෙන් එල්ල වුණු එම මිසයිල ප්‍රහාරවලින් බොහොමයක් වළක්වා ගැනීමට සිරියානු ගුවන් හමුදාව සමත් වූයේ රුසියාවෙන් ඔවුන්ට ලැබී ඇති මිසයිල නාශක අවි යොදා ගනිමිනි.

කෙසේ නමුත් කටීෆාහි පිහිටි සිරියානු රජයේ ආයුද ගබඩාවක් මිසයිල ප්‍රහාරයෙන් විනාශ විය.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS