රුසියානු භටයින් සිව් දෙනෙක් මරුට



සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පැවති ගැටුම්වලින් රුසියානු භටයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් රුසියානු භටයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වෙයි.සිරියාවේ ඩෙයර් අල් සූර් පලාතේ බලය පසුගිය නොවැම්බරයේදී හමුදා විසින් අත්පත් කර ගත්තද තවමත් ප්‍රදේශය තුල අයි එස් ත්‍රස්තවාදීන් ක්‍රියාත්මකව සිටියි.

අයි එස් ත්‍රස්තවාදීන්ට එරෙහිව එම පළාතේ සිදු කෙරෙන හමුදා මෙහෙයුම් සඳහා දායකවී සිටි රුසියානු හමුදා උපදේශකවරු දෙදෙනෙක්ද ගැටුම්වලින් ජීවිතක්ෂයට පත් විය.

ප්‍රහාරවලින් තුවා ලැබූවන් ප්‍රතිකාර සඳහා හමුදා රෝහලකට ඇතුලත් කර තිබේ.මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ගැටුම්වලදී ත්‍රස්තවාදීන් 43 දෙනෙකු ඝාතනය කරන්නට තම හමුදා සමත්වූ බවයි

( තිළිණි ද සිල්වා )

අල් ජසිරා ඇසුරෙනි.


RECOMMEND POSTS