රුසියානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක්



සිරියාවේ ඩමැස්කස් අගනුවර රුසියානු තානාපති කාර්යාල ගොඩනැගිල්ලට ත්‍රස්තවාදීන් මෝටාර් ප්‍රහාරයක් එල්ල කළේ යැයි සිරියානු ආරක්ෂක අංශ කියයි.

රුසියානු විදේශ කටයුතු අමත්‍යාංශය කියා සිටියේ, ත්‍රස්තවාදීන් එල්ල කළ මෝටාර් හතරක් පමණ තම තානාපති කාර්යාල ගොඩනැගිල්ලට වැදුණු බවය.

ගොඩනැගිල්ලට සැලකිය යුතු මට්ටමින් හානි සිදුවුවත්, එහි සිටි කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බව රුසියානු විදේශ කටයුතු අමත්‍යාංශය වැඩි දුරටත් කියා සිටී. මේ බව සිරියානු රජය පවා තහවුරු කර ඇත.

ත්‍රස්තවාදීන් එල්ල කළ එම මිසයිල ප්‍රහාරය තරයේ හෙලා දකින බව රුසියානු විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS