රුසියානු ජෙට් යානාවක් කඩා වැටෙයි



රුසියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානාවක් සිරියාවේ පිහිටි රුසියානු ගුවන් හමුදාවට අයත් කඳවුරකින් පසුගිය දා ගුවන්ගත වන්නට වේගය වැඩි කරනවාත් සමගම ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් කඩා වැටුනු බව රුසියානු හමුදා මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ප්‍රහාරක ජෙට් යානයේ ගමන්ගත් ගුවන් නියමුවන්ට හදිසි පිටවීමේ බොත්තම ක්‍රියාත්මක කරමින් පිටතට පැනගැනීමට තිබු අවස්ථාවකාර්මික දෝෂය හේතුවෙන් නොලැබී ඇති අතර ජෙට් යානය කඩා වැටී ගුවන් නියමුවන් ජිවිතක්ෂයට පත්වු බව රුසියානු හමුදා මාධ්‍ය ප්‍රකාශකවැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS