රුසියා ජනාධිපති පුටින් සෞදියේ



ඓතිහාසික සංචාරයක් ආරම්භ කරමින් රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් සෞදි අරාබියට පැමිණීමට නියමිතව සිටියේය.

2007 වසරෙන් පසු රුසියානු ජනාධිපති පුටින් සෞදියට පැමිණි පළමු අවස්ථාව මෙය වනු ඇත. සෞදියේ සල්මාන් රජුගෙන්ගෙන් පමණක් නොව, ඔයුන්න හිමි සල්මාන් කුමරුන්ගෙන් ද රුසියානු ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවනු ඇතැයි පැවැසෙයි.

කලාපීය දේශපාලනික සහ ආරක්ෂක කටයුතු, තෙල් වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාත්, සෞදි රජු සහ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් අතරේත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ලන්ඩනයේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS