රුසියන් හමුදා උතුරු සිරියාවට



උතුරුදිග සිරියාවෙන් ඇමෙරිකන් හමුදා ඉවත් වීමත් සමඟ ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් රැඳී සිටි හමුදා කඳවුරුවලට රුසියන් හමුදා සොල්දාදුවන් පැමිණ සිටින බව වාර්තා වේ.

රුසියානු මෙන්ම සිරියානු රජයේ පුවත් සේවා මේ බව තහවුරු කර ඇත. රුසියන් සොල්දාදුවන් පැමිණ ඇත්තේ සිරියානු තුර්කි දේශසීමාවේ කුර්දිවරුන්ගේ පාලනයට නතු ප්‍රදේශවලටය.

යුද ගැටුම්වලට සම්බන්ධ නොවුණත්, තම සොල්දාදුවන් සිරියානු තුර්කි දේශසීමාවේ ආරක්ෂාව තහවුරු කරනු ඇති බවත්, කුර්දි වැසියන්ගේ ආරක්ෂාව ගැන ද සොයා බලනු ඇති බවත් රුසියන් ආරක්ෂක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS