රුසියන් ප්‍රහාරක ජෙට් යානා ලිබියාවේ



එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් පිහිටුවා ඇති ලිබියානු රජය පෙරළා දැමීමට උත්සහ ගන්නා ජනරාල් කලීෆා හෆ්තාර්ගේ කැරැලිකරුවන්ට සහාය දැක්වීමක් වශයෙන් රුසියාව රහසේ ඔවුන්ගේ ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා යවා ඇතැයි ඇමෙරිකාව කියයි.

ඇමෙරිකාව මෙසේ චෝදනා කළත් ඔවුන්ගේ ද සහාය හිමිවන්නේ ජනරාල් කලීෆා හෆ්තාර් සහ ඔහුගේ කැරැලිකරුවන්ටය. මේ අතර ඇමෙරිකන් සහ රුසියන් කුලී හේවායන් ලිබියාවට ගොස් සිටින බවත් ඔවුන් හෆ්තාර්ගේ කැරැලිකරුවන්ට සහාය දක්වන බවත් පැවැසෙයි.

ජනරාල් කලීෆා හෆ්තාර්, ලිබියානු රජය සමඟ සාකච්ඡා පවත්වමින් දේශපාලනික විසඳුමකට යෑමට උත්සහ කළේය. එම සාකච්ඡාවලදී මැදහත්කරු ලෙස කටයුතු කළේ රුසියාවය. කෙසේ නමුත් සාකච්ඡා අසාර්ථක විය. ගඩාෆි මරා දැමීමෙන් පසු අස්ථාවර වූ ලිබියාව තවත් අස්ථාවර කරමින් සිවිල් යුද්ධයක් මේ වනවිට ආරම්භ වී ඇත්තේ ඒ අනුවය.

ට්‍රිපොලිහිදීය (රොයිටර්)


RECOMMEND POSTS