රුව මැවු ඉන්දියානුවා



සාජා නුවර පාසල් පිරිසිදු කරන්නෙකු ලෙස සේවය කරන ඉන්දීය ජාතිකයෙකු වනමුජිබ් රහ්මන්, තමන් ප්‍රියකරන නායකයා වන ඩුබායි පාලකයාගේ රුව නිර්මාණය කිරීමේ සිහිනය සැබෑ කරගැනීමට සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

එමිරේට්ස් ජාතික ධජයේ වර්ණයන් සහ ඩුබායි පාලකයාගේ රුව නිර්මාණය කිරීම සඳහා විශාල තුනී ලෑල්ලක්, විවිධ වර්ණයෙන් යුත් මීටර් 800ක් දිග නුල් සහ ඇණ 2,300ක් භාවිතා කර ඇති අතර නිර්මාණය අවසන් කිරීමට මාස 7කට ආසන්න කාලයක් වැය කිරීමට නිර්මාණකරුට සිදු වී ඇත.

වයස අවුරුදු 36ක් වන මුජිබ් රහ්මන්, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට වසර 10කට පෙර සේවය කිරීම සඳහා එමිරේට්ස් රාජ්‍යයට පැමිණ ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS