රියැදුරුගේ හිස ගසා දමයි



මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරු වුණු, ඉන්දුනීසියා ජාතික සංක්‍රමණිකයකුට මරණ දඬුවම හිමිවී ඇත.
ඉන්දුනීසියානු ජාතිකයා මරා දැමුණේ හිස ගසා දැමීමෙනි. 53 හැවිරිදි ඔහු සානී මිස්රින් නමැත්තාය.

සංක්‍රමණිකයෙකු ලෙස සෞදියට පැමිණීමෙන් පසු මොහු සෞදි හාම්පුතකු ළඟ රියැදුරකු ලෙස සේවය කර ඇත. සානී මිස්රින්ට චෝදනා එල්ල වූයේ හාම්පුතා ඝාතනය කළ බවටය. ඒ, 2008 වසරේදීය. පසුව පොලිසියෙන් බේරී පලා ගොස් සැඟවී සිටිද්දී, සානී මිස්රින් අත්අඩංගුවට ගැණුනේ ඊට සිවු වසරකට පසුවය.

සානී මිස්රින් ඉන්දුනීසියානු බලධාරීන් හමුවේ පවසා ඇත්තේ තමා කිසිදු වරදක් කර නොමැති බවත්, සෞදි පොලිසිය බලහත්කාරයෙන් තමාගෙන් පාපොච්චාරණයක් ලබා ගත් බවත්ය.

හිස ගසා දමා සානී මිස්රින් මරා දැමීම සිදුවූයේ පසුගිය ඉරිදා දිනයේ යැයි ද පැවැසෙයි. සානී මිස්රින් ඝාතනය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් යැයි මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ජගත් සංවිධාන සෞදියට චෝදනා නගා ඇතැයි ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS