රියාද්-හයිල් මංගල දුම්රිය ගමන



රියාද් නුවර සිට කිලෝ මීටර් 1,380ක් දුරින් වයඹ දිගන් පිහිටි නගරයක් වන හයිල් නගරය දක්වා ඉදිකරන ලද දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය ගමන පසුගියදා සිදු වු බව සෞදි දුම්රිය සමාගම ප්‍රකාශ කළ බව සබක් පුවත්පත වාර්තා කළේය.

සෞදි අරාබියේ දුම්රිය ජාලය ශක්තිමත් කිරීමේ අරමුණින් දෙවන අදියරයේ ව්‍යාපෘතියක් ලෙස දුම්රිය මාර්ගය ඉදිකර ඇති අතර 2017 වසර තුලදී රියාද්, අල් මුජාමා සහ අල් කසීම් යන දුම්රිය ස්ථාන අලුතින් ඉදිකර ඇත.

අල් ජවුෆ් සහ අල් කුරායියට් යන දුම්රිය ස්ථාන 2018 මුල් භාගයේදි ඉදිකිරීමට නියමිතව ඇති බව සෞදි දුම්රිය සමාගම ප්‍රකාශ කළේය.

ඛණිජ වර්ග, පොස්පේට්, බෝක්සයිට් සහ ශාක පිරිපහදු කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යන් ප්‍රවාහනය කිරීම සඳහා රජයේ මුදල් යොදවමින් 2011 වර්ෂයේදි කිලෝමීටර් 556 දිගින් යුත් දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සෞදි දුම්රිය සමාගමකටයුතු කල බව පුවත්පත පෙන්වා දෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS