රියාද් නුවර අල්-අවාලි දිස්ත්රික්කයේ පිහිටි විශාල වෙළෙඳ සංකීර්ණයක ගින්නක්
රියාද් නුවර අල්-අවාලි දිස්ත්රික්කයේ පිහිටි විශාල වෙළෙඳ සංකීර්ණයක ඊයේ රාත්රියේ (ජන:14) ගින්නක් හටගෙන ඇති බව ජි.ඩි.එන්. ඔන්ලයින් වෙබ් පුවත් සේවය වාර්තා කලේය.
ගිනිදළු විහිදවමින් ගින්න ඉතා වේගයෙන් වෙළද සංකීර්ණය තුලට පැතිරගොස් ඇති අතර වෙළද සංකීර්ණයේ පිහිටා තිබු වෙළදසැල් දෙකක් ගින්නට හසුවී විනාශ වී ඇත.
ගින්න නිසා වෙළද සංකීර්ණයේ ප්රයෝජනයට තබා තිබු බඩු බාහිරාදියට අලාභ හානි සිදුවී ඇත.
ගිනි නිවන භටයින් පැමිණ ගින්න අනිකුත් ගොඩනැගිලි සහ ව්යාපාරික ස්ථාන වෙත පැතිරීයෑම පාලනය කිරීම සදහා විශාල පරිශ්රමයක් දරා ඇති අතර ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව වාර්ථා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ඔන්ලයින් වෙබ් පුවත් සේවය වැඩිදුරටත් සදහන් කර ඇත.
(ජි.ඩි.එන්. ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්රියදර්ශන ජයතිලක