රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තහනම් කරයි



කුවේටයේ සිටින විදේශ සිසුන්ට සහ හෙදියන්ට අලුතින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තහනම් කර ඇති බව වාර්තා වේ.

විදේශ සිසුන්ට සහ හෙදියන්ට අලුතින් රියදුරු බලපත්‍ර නිකුත් නොකරන ලෙස කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නියෝග කර ඇත.

මීට පෙර රියදුරු බලපත්‍ර ලබාගත් විදේශීය සිසුන්ට සහ හෙදියන්ට ඒවා අලුත් කළ හැක්කේ විශ්ව විද්‍යාලයෙන් හෝ අධ්‍යාපන හා පුහුණු කිරීමේ මහජන අධිකාරියෙන් හෝ හෙදියන්ගේ සේවා යෝජකයන්ගෙන් ලබාගන්නා ලියාපදිංචි සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් පමණි.

ඇතැම් විදේශිකයන් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වන්නේ රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පමණක් බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS