රිය පදවද්දි කෑවා බීවාට දඩ නෑ



රිය ධාවනයේදි රියදුරන් ආහාර පාන ගැනීම සදහා කිසිදු දඩ මුදලක් අය නොකරන බව ඩුබායි පොලීසිය පවසවා.

එමිරේට්ස් හි ප්‍රාදේශිය පුවත්පතක් රිය ධාවනයේදිරියදුරන් ආහාර පාන ගැනීම තහනම් කර ඇති බව පළ කිරීමත් සමඟ ඩුබායි පොලීසිය නිවේදනයක් මඟින් එම වාර්තාව ප්‍රතික්ෂේප කර ඇති බව Al Ittihad පුවත්පත වාර්තා කළේය.

ජුලි මස 01 දින සිට ක්‍රියාත්මක වන නව නීතිය යටතේ රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිතය, කෙටි පණිවිඩ යැවීම,  ghutra ඇදීම සහ මාර්ගය භාවිතා කරන්නන්ගේ ආරක්ෂාවට හානි වන ක්‍රියාවන් වල නිරත වන රියදුරන්ට එමිරේට්ස් ඩිනාර් 800ක දඩ මුදලක් අය කරනු ලබන ඩුබායි පොලීසිය නිවේදනය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS