රිය අනතුරුවලින් 335 ක් මරුට



කුවේට් රාජ්‍යය තුල පසුගිය මාස දහයක (ජනවාරි මුල සිට ඔක්තෝබර් මැද දක්වා) කාලසීමාවේදිසිදු වු මාරක රිය අනතුරු හේතුවෙන් කුවේට් ජාතිකයින් සහ විදේශිකයින් 335 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව නවතම සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් කුවේට් රථවාහන අධිකාරිය ප්‍රකාශ කළේය.

මෙම කාල සීමාව තුලදී පුද්ගලයින් 10,000කට වැඩි පිරිසක් රිය අනතුරු හේතුවෙන් තුවාල ලබා ඇති බව සඳහන් කළේය.

පුද්ගලයින් 47දෙනෙකු 2017 ජනවාරි මාසයේදී සිදු වු රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇති අතර මාස දහයක කාලසීමාව තුලදී වාර්තා වු වැඩිම මරණ සංඛ්‍යාව එය බව අධිකාරිය ප්‍රකාශ කළේය.

පෙබරවාරි මාසයේදී 43 දෙදෙනෙක්ද, මාර්තු මාසයේදී 32දෙදෙනෙක්ද සහ සැප්තැම්බර් මාසයේදී 34දෙදෙනෙක්ද රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇත.

මාස දහයක කාලසීමාවේදි, රථවාහන 21,460ක් රාජසන්තක කර ඇති අතර රියදුරු බලපත්‍ර නොමැතිව රිය ධාවනය කළ විදේශිකයින් 120ක් කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කර ඇත.

කුවේට් ඩිනාර් මිලියන 1.3ක මුදලක් රථවාහන දඩ ලෙස කුවේට් රථවාහන අධිකාරිය අයකර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS