රිය අනතුරින් සහෝදරියෝ දෙදෙනක් මරුට



කුවේට් රාජ්‍යයේ අධිවේගි මාර්ගයක සිදුවූ මාරක රිය අනතුරකින් වයස අවුරුදු 8ක සහ 9ක ගැහැණු දරුවන් දෙදෙනෙක් මියගොස් ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

අධික වේගයෙන් ධාවනය කිරීම නිසා දරුවන් ගමන්ගත් කාර්ය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගෙන ගොස් පෙරළී ඇත. 

අනතුරින් තව හතර දෙනෙකු තුවාල ලබා ඇති අතර එම තුවාල ලැබුවන් අතර මියගිය දරුවන්ගේ සහෝදරයින් දෙදෙනෙක්, සහෝදරික් සහ නිවසේ ගෘහ සේවිකාවක් වන ආසියාතික කාන්තාවක්ද වන බව වාර්තා වේ. 

තුවාල ලැබු දරුවන්ගෙන් එක් දරුවකුගේ තත්වය අසාධ්‍ය බැවින් රෝහල් ගතකර ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග සදහන් කරයි. 
මෙම අධිවේගි මාර්ගයේම සිදුවු තවත් රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලැබීම නිසා අල්-ජාරා රෝහලට ඇතුලත් කල බව අල්-කාබස් ප්‍රවෘත්ති සේවය වාර්තා කල බව වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
  


RECOMMEND POSTS