රිය අනතුරින් අටක් මරුට



ඕමානයේ හයිමා ආණ්ඩුකාර ප්‍රදේශයේ සිට කිලෝමීටර් තිහක් පමණ දකුණු දෙසින් පිහිටි ඇති නගරයකදී වාහන දෙකක් එකට ගැටීමෙන් සිදු වු මාරක රිය අනතුරකින් ඕමාන ජාතිකයින් හය දෙනෙකු සහ යේමන ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ෂබීබා වෙබ් අඩවිය වාර්තා කළේය.

පස් දෙනෙකු අනතුර සිදු වු ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී  ඇති අතර හත් දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි දෙදෙනෙකු ගුවන් මඟින් නිස්වා රෝහලට ගෙන ඒමට බලධාරීන් කටයුතු කළ බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේය.

කාරයක ටයරයක් පුපුරා යෑම හේතුවෙන් මාරක රිය අනතුර සිදු වු බව ඕමාන් පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

පුද්ගලයින් 569 දෙනෙක් 2016 වර්ෂයේදි සිදු වු මාරක අනතුරු වලින් රෝහල් ගත කිරීමට පෙර ජීවිතක්ෂයට පත් වී ඇති අතර පුද්ගලයින් 90 දෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී ඇති බව නිල වාර්තාවන්ට අනුව පැහැදිලි වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

2016 වර්ෂයේදි සිදු වු සමස්ථ මරණ සංඛ්‍යාව 8.3%කින් ඉහළ ගොස් ඇති බව ඕමාන් රාජකීය පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS