රිය අනතුරින් 7 ක් මියයයි



සෞදි අරාබියේ අසීර් පළාතේ මහායෙල් සහ අල්-බාක් ආණ්ඩුකාර ප්‍රදේශ දෙක අතර මාර්ගයක සිදු වු දරුණු රිය අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙක් මියගොස් හතර දෙනෙක් බරලතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබාදීමට සහ මියගිය පුද්ගලයන්ගේ සිරුරු අල්-බාක්, අල්-කමා සහ මහායෙල් යන රෝහල්වලට යවා ඇත.

රිය අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව සෞදි පොලීසිය ප්‍රකාශ කළේය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

සෞදි පුවත් ඇසුරිනි


RECOMMEND POSTS