රිය අනතුරට අටක් බිලි



ඕමානයේ සලාල් හි කට්බීට් ප්‍රදේශයේදි මාර්ගයක් ගමන් ගත් කාර් දෙකක් මුහුණට මුහුණ ගැටීම නිසා සිදුවු රිය අනතුරකින් ඕමාන ජාතිකයින් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජුනි 30 දින රාත්‍රී 11.30ට පමණ අනතුර සිදුවු බව ඕමාන රාජකීය පොලීසිය නිවේදනයක් මඟින් ප්‍රකාශ කළේය. 

රිය අනතුරට සම්බන්ධ ඡායාරූප සිවිල් ආරක්ෂක අධිකාරිය අන්තර්ජාලයටඑක්කර ඇති අතර එම අධිකාරියේ නිලධාරීන් රිය අනතුරු සිදුවු ස්ථානයට පැමිණ අවශ්‍ය කටයුතු කරන ආකාරය ඡායාරූපවල දක්නට ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS