රිය අනතුරකින් ඊශ්‍රායල කාන්තා සෙබළියන් හතරක් මරුට - ත්‍රස්ත ක්‍රියාවක් යැයි පොලීසිය කියයි



ඊශ්‍රායල් සොල්දාදුවන් පිරිසක් යටකරමින් ලොරියක් ධාවනය කිරීම හේතුවෙන් සොල්දාදුවන් හතරදෙනෙකු මරණයට පත්වූ අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.

බස් රථයකින් බැසයන සොල්දාදුවන් පිරිසකට මෙම ට්‍රක් රථ ප්‍රහාරය එල්ලවූයේ ජෙරුසලමේදී ය. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව ඊශ්‍රායල් පොලිසිය නිවේදනය කළේය

ඊශ්‍රායල් සොල්දාදුවන් පිරිස එල්ලකළ වෙඩි ප්‍රහාරයෙන් ලොරියේ රියදුරා මරණයට පත් වූ බව ඊශ්‍රායල් පොලිසිය පැවසීය.පොලිස් නිවේදනයේ දැක්වෙන්නේ මිය ගිය සිව්දෙනාගෙන් තිදෙනෙකුම කාන්තා සොල්දාදුවන් බවය.

සොල්දාදුවන් යටකරමින් ධාවනය කළ ලොරිය නැවත වතාවක් එම පිරිස මතට, පසුපසට ධාවනය කරන ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වෙන බව එරට මාධ්‍ය වාර්තා කියයි.ලොරියේ රියදුරා නැගෙනහිර ජෙරුසලමෙන් පැමිණි අරාබි ජාතිකයෙකු බව ඊශ්‍රායල් පොලිසිය ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ ප්‍රහාරය එල්ලකළ පුද්ගලයා IS සංවිධානයේ ආධාරකරුවෙකු බව පෙනෙන්නට ඇති බවය.පසුගිය මාස පහළොව ඇතුළත පලස්තීන ජාතිකයන් විසින් ඊශ්‍රායලයට ප්‍රහාරයන් කීපයක්ම එල්ල කරනු ලැබ තිබේ.

 


( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි......

 


RECOMMEND POSTS