රිය අනතුරකින් 7ක් මරුට



සෞදි අරාබියේ නැගෙනහිර අසීර් පලාතේ මාර්ගයක සිදු වු රිය අනතුරකින් පුද්ගලයන් හත්දෙනෙක් (07) ජිවිතක්ෂයට පත් වී ඇත.

බහර් අබු සුකයිනා සහ අල්-හුරයිඩා මාර්ග එකට සම්බන්ධ වන මාර්ගයේ ගමන් ගත් ටොයොටා ලෑන්ඩ් කෲසර් වර්ගයේ මෝටර් රථයක් වතුර බවුසරයක ගැටීමෙන් අනතුර සිදු වී ඇත.

අනතුරින් පුද්ගලයන් නව දෙනෙක් තුවාල ලබා ඇති බව සෞදි පොලීසිය ප්‍රකාශ කළේ ය.

“මරණයේ මාවත’’ලෙස නම් කර ඇති මෙම මාර්ගයේ සිදු වී ඇති මෝටර් රථ අනතුරුවලින් විශාල සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අසීර් නගරය)

RECOMMEND POSTS