රිය අනතුරකින් 6 මරුට:19 තුවාල



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබි නුවර සිදු වු මාරක රිය අනතුරකින් පුද්ගලයන් හයදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

අනතුරින් පුද්ගලයන් දහනව දෙනෙක් (19) තුවාල ලබා ඇති බවත්, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව අබුඩාබි පොලීසිය ප්‍රකාශ කළේ ය.

අධිවේගී මාර්ගයක දකුණු අත මංතීරුවේ ඩුබායි නුවර දෙසට සෙමින් ධාවනය වෙමින් තිබු කන්ටේනර් රථයක පිටුපස කොටසේ අධික වේගයකින් පැමිණි වෑන්රථයක් ගැටෙන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන් වී ඇත.

අනතුරින් කාන්තාවන් පස්දෙනෙක් සහ මෝටර් රථය ධාවනය කළ රියදුරා ජීවිතක්ෂයට පත් වී ඇති අතර නේපාල කාන්තාවක් සහ ශ්‍රීලාංකික කාන්තාවක් මියගිය පිරිස අතර වේ.

තුවාල ලැබූ පුද්ගලයන් 19 දෙනාගෙන් 16 දෙනෙකු නේපාල පුරවැසියන් බව නේපාල තානාපති කාර්යාලය තහවුරු කර ඇත.

මියගිය අනෙක් තිදෙනාගේ ජාතිකත්වය මෙතෙක් තහවුරු කර නොමැති බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS