රෑටත් වැඩට යන්න වෙයි



කුවේට් රජයේ සේවකයන්ට සවස් කාලයේ සේවය කිරිමට ඇති හැකියාව පිළිබඳව එරට රජය අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ.  

අධික උෂ්ණ කාලවලදී ජනතාවට වඩාත් සමීප සේවාවන් සපයන රජයේ ආයතන ප.ව 5.00 සිට ප.ව 10.00දක්වා

විවෘත කර තැබීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට කුවේට් රජය කටයුතු කර බවපාර්ලිමේන්තු මන්ත්‍රී, ෆයිසාල් අල්-කන්ඩාරි ප්‍රකාශ කළේ ය.

සමහර දිනයන්වලඋෂ්ණත්වය සෙල්සියස් අංශය 50-60 අතර අගයක් ගන්නා අතර ජනතාව ආරක්ෂා කිරීමටත්, වඩා ඵලදායි සේවාවක් ලබාදීමේ අරමුණින් අදාල තීරණය ගැනීමටරජයේ අවධානය යොමු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS