රැඳවියන් 274 කට සමාව



ඕමාන් අධිකරණයෙන් බන්ධනාගාර ගත කරන ලද රැඳවියන් දෙසිය හැත්තෑ හතරකට සමාව ලබාදීමට ඕමාන් නායක, කබූස් බින් සෙයිඩ් කටයුතු කර ඇති බව වාර්තා වේ. 

ජුලි 23 දිනට යෙදුනු “පුනරුද දිනය’’ සැමරීම නිමිත්තෙන් රැඳවියන්ට සමාව දීමට ඕමාන් නායකයා කටයුතු කර ඇත.

සමාව ලැබූ පුද්ගලයින් ගෙන් එකසිය-පනස්නවයක් (159) ඕමාන ජාතිකයන් වන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS