රැඳවියන් 250 ක් නිදහස්



සෞදි අරාබිය රැඳවියන් 250ක ගෙන් යුත් විදේශිකයන් පිරිසක් නිදහස් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ආගමන සහ නේවාසික නීතිරීති උල්ලංඝණය කිරීම හේතුවෙන්, පිරිස අත්අඩංගුවට ගැනීමට ආරක්ෂ අංශ කටයුතු කර ඇත.

කොරෝනා වෛරසයෙන් පැතිරීම හේතුවෙන්, ආරක්ෂිත පියවරක් ලෙස රැඳවියන් පිරිස නිදහස් කිරීමට සෞදි බලධාරීන් පියවර ගෙන ඇති බව මානව සෞදි මානව හිමිකම් කොමිසමේ සභාපති, අල්-අව්වාඩ්ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(සෞදි ගැසට්, රියාද් නුවර)

RECOMMEND POSTS