රැදවියන්ට 229කට විශේෂ සමාවක්



ඕමානයේ බන්ධනාගාර රැදවියන්ට විශේෂ සමාවක් ලබාදී ඇති බව වාර්තා වේ.

ඕමාන් සුල්තාන් හයිතම් බින් තාරික් විසින් බන්ධනාගාර රැඳවියන් 200කට වැඩි පිරිසකට විශේෂ සමාවක් නිකුත් කර තිබේ.

රැඳවියන්ගේ පවුල් ගැන සැලකිල්ලට ගනිමින් අදාල විශේෂ සමාව ලබාදීමට ඕමාන් නායකයා කටයුතු කර ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

විදේශිකයන් හැත්තෑවක් නිදහස් කළ රැදවියන් අතර සිටින බව වාර්තා වේ

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS