රැකියා වීසා මිලියන 1.2ක් නිකුත් කරලා



සෞදි අරාබිය 2019 වර්ෂය තුලදී රැකියා වීසා මිලියන 1.2ක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

රැකියා වීසා 600,000ක් නිකුත් කිරීමට සෞදි කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍යාංශය 2019 වර්ෂය තුල කටයුතු කර ඇත.

2020 වසරේ රැකියා වීසා බලපත්‍ර සංඛ්‍යාව දෙගුණයක් වැඩි කිරීමට කටයුතු කර ඇති බවත්, එමඟින් ආයෝජකයින් සහ ව්‍යවසායකයින් ආකර්ෂණය කර ගැනීමට සෞදි වෙළඳපොළට ඇති හැකියාව පිළිබිඹු වන බව කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍ය, අහමඩ් බින් සුලෙයිමාන් අල්-රාජි පැවසීය.

නිදහස් වෘත්තිකයන් (freelancers) සඳහා රැකියා වීසා 15,000ක් නිකුත් කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS