රැකියා වීසා නිකුත් කිරීම අඩු වෙයි



‍ඕමානය විදේශ ශ්‍රමිකයන්ට නිකුත් කරන රැකියා වීසා සංඛ්‍යාව විශාල ලෙස අඩු කර ඇති බව වාර්තා වේ.

2017 වර්ෂයේ රැකියා වීසා 373,511ක් නිකුත් කර ඇති අතර 2018 වර්ෂයේ නිකුත් කර ඇත්තේ 295,888ක් බව ඕමාන් සංඛ්‍යාලේඛන හා තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානය නිකුත් කළ දත්තවල සඳහන් කර ඇත. 

රැකියා වීසා 369,691 ක් 2016 වර්ෂයේදි නිකුත් කිරිමට ඕමාන රජය කටයුතු කර ඇත.

2017 වර්ෂයේදි රැකියා වීසා 281,984ක් සහ 2018 වර්ෂයේදි 278,674ක් අවලංගු කිරීමට සිදු වී ඇත.

මේ අතර, නිකුත් කරන ලද නේවාසික වීසා බලපත්‍ර සංඛ්‍යාව 2016 වර්ෂයේදි 657,786 දක්වාත්, 2017දී 543,738 දක්වාත්, 2018 දි 478,414 දක්වා අඩු වී ඇත.

ඕමානකරණය තුලින් රැකියා වෙළඳපොල නියාමනය කිරීමට බලධාරීන් දැරූ උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස පහත වැටීම් සිදු වී ඇති බව ආර්ථික විද්වත්හු පෙන්වා දෙති.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS